Friday, 2 September 2011

මගේ පාපොච්චාරණය නොහොත් psycho poem එක.


ජීවිතේ නිරර්ථක ප්‍රයත්නය තුළ
හති වැටී මම හිඳිමි. . . .
මම ලොවින් කිත් පැසසුම් ලැබ
මගේම සිතින් ගැරහුම් ලබමි. . . . .

මා අවට සිනාසෙන මුහුණු සැරිසරණ.,
භෞතිකයේ සාර්ථකත්වය වෙත
සමාන්තරව දිවයන. . .
(තමා විසින්ම චලනය කරන,
නිරුත්සහායෙන් චලනය වෙන
homo sapiens robotic version එක තුළ
සිරවී සිටිමි මම. . )

මම විත්ති කූඩුව තුළ හිඳින
හෘදසාක්ෂියේ යුක්ති අධිකරණය තුළ
මට නුඹව යළි වරක් මුණගැසුණි. . . . .
පැමිණිලි පාර්ශ්වය අතර මැද
පළමුවැනි පැමිණිල්ල වී ඔබ හිඳියි. . . . .

"අමා. ,  මට සමාවෙන්න. . . "
. . . මං හිතන් හිටියෙ
සමාන්තරව සමීපයෙන් ඇදී යන
සරළ රේඛා දෙකක් වගේ
අපිට අනන්තය තෙක්
ගමන් කරන්න පුළුවන් කියලා. . . . .

ඒත්. . . ඒත් මං
නන්නාඳුනන දීපංකරයක
සංකීර්ණ නූතන ධනවාදී ද්‍රාවනයක් තුළ දියවුණා. . . . . . . .

ඉනික්බිති. , කල්ප කාලයක් ගත වුණා. . . . .  . . .

අමා. ,
"අපේ ආදර කතාව" නිමවෙලා නෑ තවම. . .
සුවහසක් ප්‍රේක්ෂක ජනතාව
බලාගෙන ඉන්නවා. . .
ගල්-මුල්, අපහාස, ගැරහුම්
පොදි බැඳන්. . . .

අමා. , එන්න මා එක්ක. .
ලෝකයට නොව අපට ඕනි විදිහට
මේ ජීවිතය ජීවත් කරවන්න. . . . .
මට පිස්සු. . . ඔයා හැමදාමත් කියපු විදිහටම මට පිස්සු
සමහරවිට දැනටමත් ඔයා ඉන්නෙ
ආපහු හැරෙන්න බැරි තරම් දුරක. . .  . . .

ඒත් හිත හදාගන්න බැරිවෙයි මට. . . .

අමා. , මට ඉඩදෙන්න. . .
එකම එක වරක් ඉඩදෙන්න,
ජීවිතය යළි වරක් අරඹන්න. . .
අපේ අන්තිම නිමේෂයේ
ඔයාව ගෙදර ඇරලලා මං ගියපු
ඒ මොහොතෙ ඉඳන් ජීවිතය යළි වරක් අරඹන්න. . . .

අමා. ,
මට ඕනි ඉස්සර වගේ
ජීවිතයෙ පාරභෞතික යථාර්තය හොයන් යන්න. . .
ඔයාගෙ උකුලෙ ඔළුව තියන් ඉන්න. . . .
ලොකු මිනිහෙක් නොවී
හොඳ මිනිහෙක් වෙන්න. . . .
කවියක් ලියන්න. . .
කොළඹ ඉඳන් මාතරට කෝච්චියෙ එන්න. . .
සයිවර් කඩේකින් ප්ලේන්ටියක් ගහලා
ඔයා එනකම් මග බලන් ඉන්න. . .
පුංචි දේකින් සතුටු වෙන්න. . .
මට ඕනි ඉස්සර වගේ ජීවත් වෙන්න. . . !

මේවා හීන. .
මට කවදාවත් එළිනොවෙන හීන. . .

දැන් ඔයා වාගෙම
මේක බලන උනුත් කියයි
මට පිස්සු කියලා. . . . .
අවුලක් නෑ. ,
කැමති කෙනෙක්, කැමති විදිහකට, කැමති දෙයක් හිතාගන්න. . .
මගේ අකමැත්තක් නෑ. . . . .

මේ කවිය (කවිය.?)
රළු වැඩියි නේද. .?
පදපේලි ගොරහැඩියි නොවෙද. ?
ඇරත්. ,
අතීතයෙ දුහුවිලි හුලඟක ගසාගෙන ගිය
අපේ ආදරයට
සුන්දර උපමා-උපමේය කුමටද. . ?

කවුරු වුණත්
මගෙ psycho poem එක
ඉවසීමෙන් කියවන්න. . . . .

සුන්දර හීන වලින් පිරුණු ජීවිතයක
බය හිතෙන යථාර්තය මේක. . . .
කාලය ඉගිලිලා ගිහින් අහවරයි.
මට අවසාන දුම්රිය අල්ලා ගැනීමට නොහැකි විණ. . . .   . . .  . .  .
 


3 comments:

  1. අපිට අවශ්‍ය මොකක්ද කියන එක අපිම දන්නෙ නෑ. අපිට කළින් අයට ඕනි වුණ දේවල්මයි අපිට ඕනි දේවල් විදියට අපි සොයා ගියේ.
    ඉතින් අපිට හැමදාම කෝච්චිය වරදියි.
    වචන ටිකක් රඵ වුණත් කවිය ඉස්තරම්.

    ReplyDelete
  2. ඒක ඇත්ත යාළුවා, අපි තාම දකින්නෙ (අපිට බලෙන් පෙන්වනු ලබන්නේ) අපේ පහුගිය පරම්පරාවෙ හීන...

    ReplyDelete
  3. අන්තිම ටිකේ අහල තියෙනව වගේ කවිය කියන්නෙ මෙහෙම එකක්ද කියල මම දන්නෙ නෑ මචෝ... ඒත් කවි කිය කිය අමුඅමුවෙ තමන්ගෙ කොල්ලට කෙල්ලට පේන්න දුක වපුරන එවුන්ගෙ ලිවීම් වලට වඩා මේක සෑහෙන්න ඉස්සරහින්...

    (මේකෙත් දුකක් ප්‍රේමයක් ගැන තිබ්බට අනිත් උන්ගෙ ඒව වගේ හිරිකිත නෑ.. මම සාමාන්‍යයෙන් කවි කියවන එකෙක් නෙමෙයි... ඒත් මේ වගේ ඇහැ ‍ගැටෙද්දි ඒව නොකියව ඉන්නෙ නෑ)

    ReplyDelete