ජීවිතේ නිරර්ථක ප්‍රයත්නය තුළ
හති වැටී මම හිඳිමි. . . .
මම ලොවින් කිත් පැසසුම් ලැබ
මගේම සිතින් ගැරහුම් ලබමි. . . . .
මා අවට සිනාසෙන මුහුණු සැරිසරණ.,
භෞතිකයේ සාර්ථකත්වය වෙත
සමාන්තරව දිවයන. . .
(තමා විසින්ම චලනය කරන,
නිරුත්සහායෙන් චලනය වෙන
homo sapiens robotic version එක තුළ
සිරවී සිටිමි මම. . )
මම විත්ති කූඩුව තුළ හිඳින
හෘදසාක්ෂියේ යුක්ති අධිකරණය තුළ
මට නුඹව යළි වරක් මුණගැසුණි. . . . .
පැමිණිලි පාර්ශ්වය අතර මැද
පළමුවැනි පැමිණිල්ල වී ඔබ හිඳියි. . . . .
"අමා. , මට සමාවෙන්න. . . "
. . . මං හිතන් හිටියෙ
සමාන්තරව සමීපයෙන් ඇදී යන
සරළ රේඛා දෙකක් වගේ
අපිට අනන්තය තෙක්
ගමන් කරන්න පුළුවන් කියලා. . . . .
ඒත්. . . ඒත් මං
නන්නාඳුනන දීපංකරයක
සංකීර්ණ නූතන ධනවාදී ද්‍රාවනයක් තුළ දියවුණා. . . . . . . .
ඉනික්බිති. , කල්ප කාලයක් ගත වුණා. . . . . . . .
අමා. ,
"අපේ ආදර කතාව" නිමවෙලා නෑ තවම. . .
සුවහසක් ප්‍රේක්ෂක ජනතාව
බලාගෙන ඉන්නවා. . .
ගල්-මුල්, අපහාස, ගැරහුම්
පොදි බැඳන්. . . .
අමා. , එන්න මා එක්ක. .
ලෝකයට නොව අපට ඕනි විදිහට
මේ ජීවිතය ජීවත් කරවන්න. . . . .
මට පිස්සු. . . ඔයා හැමදාමත් කියපු විදිහටම මට පිස්සු
සමහරවිට දැනටමත් ඔයා ඉන්නෙ
ආපහු හැරෙන්න බැරි තරම් දුරක. . . . . .
ඒත් හිත හදාගන්න බැරිවෙයි මට. . . .
අමා. , මට ඉඩදෙන්න. . .
එකම එක වරක් ඉඩදෙන්න,
ජීවිතය යළි වරක් අරඹන්න. . .
අපේ අන්තිම නිමේෂයේ
ඔයාව ගෙදර ඇරලලා මං ගියපු
ඒ මොහොතෙ ඉඳන් ජීවිතය යළි වරක් අරඹන්න. . . .
අමා. ,
මට ඕනි ඉස්සර වගේ
ජීවිතයෙ පාරභෞතික යථාර්තය හොයන් යන්න. . .
ඔයාගෙ උකුලෙ ඔළුව තියන් ඉන්න. . . .
ලොකු මිනිහෙක් නොවී
හොඳ මිනිහෙක් වෙන්න. . . .
කවියක් ලියන්න. . .
කොළඹ ඉඳන් මාතරට කෝච්චියෙ එන්න. . .
සයිවර් කඩේකින් ප්ලේන්ටියක් ගහලා
ඔයා එනකම් මග බලන් ඉන්න. . .
පුංචි දේකින් සතුටු වෙන්න. . .
මට ඕනි ඉස්සර වගේ ජීවත් වෙන්න. . . !
මේවා හීන. .
මට කවදාවත් එළිනොවෙන හීන. . .
දැන් ඔයා වාගෙම
මේක බලන උනුත් කියයි
මට පිස්සු කියලා. . . . .
අවුලක් නෑ. ,
කැමති කෙනෙක්, කැමති විදිහකට, කැමති දෙයක් හිතාගන්න. . .
මගේ අකමැත්තක් නෑ. . . . .
මේ කවිය (කවිය.?)
රළු වැඩියි නේද. .?
පදපේලි ගොරහැඩියි නොවෙද. ?
ඇරත්. ,
අතීතයෙ දුහුවිලි හුලඟක ගසාගෙන ගිය
අපේ ආදරයට
සුන්දර උපමා-උපමේය කුමටද. . ?
කවුරු වුණත්
මගෙ psycho poem එක
ඉවසීමෙන් කියවන්න. . . . .
සුන්දර හීන වලින් පිරුණු ජීවිතයක
බය හිතෙන යථාර්තය මේක. . . .
කාලය ඉගිලිලා ගිහින් අහවරයි.
මට අවසාන දුම්රිය අල්ලා ගැනීමට නොහැකි විණ. . . . . . . . . .