Showing posts with label කවි-නොකවි. Show all posts
Showing posts with label කවි-නොකවි. Show all posts

Tuesday, 6 September 2011

කෙහෙල්මල් ශිෂ්ටාචාරය. . .

වෙලාවට කලින් හිරු බැස ගිය
මළානික හැන්දෑවක. ,
පාළු හුදෙකලාවක. . . . . .
මං ජීවිතේ මංසලකට 
පැමිණ සිටියෙමි. . . . . 

මම නැවත ඉපැදිය යුතු විය. . . .

හතිවැටුණ සම්ප්‍රදාය. ,
ඊනියා සාරධර්ම,
අපැහැදිලි සංස්කෘතිය. ,
මෙකී නොකී ජීවිතය කොටු කරගත්
සකලවිධ වැටකඩුළු
ගිනි තබා අළු කලෙමි. . . .

අන්තිමේදි මං නිදහස්. . . . . . . .

ඉතිං. . . 
දැන් මට පුළුවනි
බොළඳ. , ප්‍රබුද්ධ
උගත්. , නූගත්
ශිෂ්ට., අශිෂ්ට
මේ හැම වටපිටාවකම
නිදහසේ සැරිසරන්න. . . . . . . 

වළාරොදකටත් වැඩි සැහැල්ලුවෙන්
ජීවිතය පාව යයි. . . 
බලන් සකිසඳ 
ජීවිතය පාව යන අපූරුව. . . . .
 

Friday, 2 September 2011

මගේ පාපොච්චාරණය නොහොත් psycho poem එක.


ජීවිතේ නිරර්ථක ප්‍රයත්නය තුළ
හති වැටී මම හිඳිමි. . . .
මම ලොවින් කිත් පැසසුම් ලැබ
මගේම සිතින් ගැරහුම් ලබමි. . . . .

මා අවට සිනාසෙන මුහුණු සැරිසරණ.,
භෞතිකයේ සාර්ථකත්වය වෙත
සමාන්තරව දිවයන. . .
(තමා විසින්ම චලනය කරන,
නිරුත්සහායෙන් චලනය වෙන
homo sapiens robotic version එක තුළ
සිරවී සිටිමි මම. . )

මම විත්ති කූඩුව තුළ හිඳින
හෘදසාක්ෂියේ යුක්ති අධිකරණය තුළ
මට නුඹව යළි වරක් මුණගැසුණි. . . . .
පැමිණිලි පාර්ශ්වය අතර මැද
පළමුවැනි පැමිණිල්ල වී ඔබ හිඳියි. . . . .

"අමා. ,  මට සමාවෙන්න. . . "
. . . මං හිතන් හිටියෙ
සමාන්තරව සමීපයෙන් ඇදී යන
සරළ රේඛා දෙකක් වගේ
අපිට අනන්තය තෙක්
ගමන් කරන්න පුළුවන් කියලා. . . . .

ඒත්. . . ඒත් මං
නන්නාඳුනන දීපංකරයක
සංකීර්ණ නූතන ධනවාදී ද්‍රාවනයක් තුළ දියවුණා. . . . . . . .

ඉනික්බිති. , කල්ප කාලයක් ගත වුණා. . . . .  . . .

අමා. ,
"අපේ ආදර කතාව" නිමවෙලා නෑ තවම. . .
සුවහසක් ප්‍රේක්ෂක ජනතාව
බලාගෙන ඉන්නවා. . .
ගල්-මුල්, අපහාස, ගැරහුම්
පොදි බැඳන්. . . .

අමා. , එන්න මා එක්ක. .
ලෝකයට නොව අපට ඕනි විදිහට
මේ ජීවිතය ජීවත් කරවන්න. . . . .
මට පිස්සු. . . ඔයා හැමදාමත් කියපු විදිහටම මට පිස්සු
සමහරවිට දැනටමත් ඔයා ඉන්නෙ
ආපහු හැරෙන්න බැරි තරම් දුරක. . .  . . .

ඒත් හිත හදාගන්න බැරිවෙයි මට. . . .

අමා. , මට ඉඩදෙන්න. . .
එකම එක වරක් ඉඩදෙන්න,
ජීවිතය යළි වරක් අරඹන්න. . .
අපේ අන්තිම නිමේෂයේ
ඔයාව ගෙදර ඇරලලා මං ගියපු
ඒ මොහොතෙ ඉඳන් ජීවිතය යළි වරක් අරඹන්න. . . .

අමා. ,
මට ඕනි ඉස්සර වගේ
ජීවිතයෙ පාරභෞතික යථාර්තය හොයන් යන්න. . .
ඔයාගෙ උකුලෙ ඔළුව තියන් ඉන්න. . . .
ලොකු මිනිහෙක් නොවී
හොඳ මිනිහෙක් වෙන්න. . . .
කවියක් ලියන්න. . .
කොළඹ ඉඳන් මාතරට කෝච්චියෙ එන්න. . .
සයිවර් කඩේකින් ප්ලේන්ටියක් ගහලා
ඔයා එනකම් මග බලන් ඉන්න. . .
පුංචි දේකින් සතුටු වෙන්න. . .
මට ඕනි ඉස්සර වගේ ජීවත් වෙන්න. . . !

මේවා හීන. .
මට කවදාවත් එළිනොවෙන හීන. . .

දැන් ඔයා වාගෙම
මේක බලන උනුත් කියයි
මට පිස්සු කියලා. . . . .
අවුලක් නෑ. ,
කැමති කෙනෙක්, කැමති විදිහකට, කැමති දෙයක් හිතාගන්න. . .
මගේ අකමැත්තක් නෑ. . . . .

මේ කවිය (කවිය.?)
රළු වැඩියි නේද. .?
පදපේලි ගොරහැඩියි නොවෙද. ?
ඇරත්. ,
අතීතයෙ දුහුවිලි හුලඟක ගසාගෙන ගිය
අපේ ආදරයට
සුන්දර උපමා-උපමේය කුමටද. . ?

කවුරු වුණත්
මගෙ psycho poem එක
ඉවසීමෙන් කියවන්න. . . . .

සුන්දර හීන වලින් පිරුණු ජීවිතයක
බය හිතෙන යථාර්තය මේක. . . .
කාලය ඉගිලිලා ගිහින් අහවරයි.
මට අවසාන දුම්රිය අල්ලා ගැනීමට නොහැකි විණ. . . .   . . .  . .  .
 


Tuesday, 30 August 2011

මගේ කුරුසිය......


"හුදී ජන සිත් තොසිනි මනහර
පවර මෙනුවර සොඳුරු සිරිසර.."

මේ විසල් නගරයේ
සුන්දරත්වයේ නපුරු මායාව අතර මැද
සිරනොවී පලායමි. . . . .
කාත් කවුරුත් නොඑන
හුදෙකලා වීදියක තනි වී
මම සියදිවි නසාගමි. . . . . . .

ඒ නමුදු. ,
පලා යා නොහැක ජීවිතෙන්
ඒ තරම් පහසුවෙන්. . . .

යා යුතුයි තව දුර මම
මගේ පවුකාර කුරුසිය
කර තබාගෙන. . . .
කටු ඔටුනු පලන්දා
කුරුසියේ ඇණ ගසා
ඝාතනය විය යුතුය මම. . . . .

එසඳ. . ,
සියළු පවු කමා කරන ලද සේක. . . .

සබඳ. . ,
මතුයම් දිනෙක
අපේ යටගිය මතකයේ
නුඹේ නෙතගින් වැටුණු
සීතල කඳුලකින්,
මම යලිත් උපදිමි. . . .
මේ සායනික මරණයෙන්
පිබිද උත්ඨාන වෙමි. . . .

මේ ලොව වඩා යහපත් වන
හෙට දිනෙක. . ,
මා අවදි වූ පසුව දකින්නට
එකම එක හීනයක්
ඉතිරි කර තබා. . . .
නික්මෙන්න ඔබ
මඟුල් පාවඩ මතින්. . . . . .
     ඉතිං අවසරයි. . . .

Sunday, 28 August 2011

තිත්ත ඇත්ත..


අසම්මත සිතුවිලි
දරන්නේත් වෙමි..,
වස විස බොන්නේත් වෙමි..
එවන් වූ මට
සැළමුතු ලිහිණි පෙම කුමකටද..?
අකැපය මේ සියලු දෙය.....
                  අතොරක් නැතිව ඇද හැලෙන
                   හිම පියලි වරුසාව.....
                    කොළොම්තොට
                  ගිනිගහන දුහුවිලි සුලඟක
                   උණුහුමට තුරුලු වෙමි....
මගෙ දෙපා දෙස බලමි,
මුල් ඇදී තිබේදැයි විමසමි...
තවම නැත.
මම යහතින්ය...
හෙට දින මේ හැර අන් බිමකදී
උපදිනා සිතුවිලි
අවලංගු වේදැයි නොදන්නෙමි....
                       සීතල ඉරාගෙන එන
                       මතකයක උණුහුම
                       බිඳුණු හදවත මත
                        හාද්දක් තවරයි....
          ජීවිතේ වෙහෙසයි
 ඇත්ත මේ තරම් තිත්ත ඇයි...?