මිලානෝ සිට සෙනෙහසින්............! විසල් නගරයක් තුළ ඒ මේ අත පාවෙන සරුංගල් ජීවිතයක සාරාංශය.......
Tuesday, 30 August 2011
මගේ කුරුසිය......
"හුදී ජන සිත් තොසිනි මනහර
පවර මෙනුවර සොඳුරු සිරිසර.."
මේ විසල් නගරයේ
සුන්දරත්වයේ නපුරු මායාව අතර මැද
සිරනොවී පලායමි. . . . .
කාත් කවුරුත් නොඑන
හුදෙකලා වීදියක තනි වී
මම සියදිවි නසාගමි. . . . . . .
ඒ නමුදු. ,
පලා යා නොහැක ජීවිතෙන්
ඒ තරම් පහසුවෙන්. . . .
යා යුතුයි තව දුර මම
මගේ පවුකාර කුරුසිය
කර තබාගෙන. . . .
කටු ඔටුනු පලන්දා
කුරුසියේ ඇණ ගසා
ඝාතනය විය යුතුය මම. . . . .
එසඳ. . ,
සියළු පවු කමා කරන ලද සේක. . . .
සබඳ. . ,
මතුයම් දිනෙක
අපේ යටගිය මතකයේ
නුඹේ නෙතගින් වැටුණු
සීතල කඳුලකින්,
මම යලිත් උපදිමි. . . .
මේ සායනික මරණයෙන්
පිබිද උත්ඨාන වෙමි. . . .
මේ ලොව වඩා යහපත් වන
හෙට දිනෙක. . ,
මා අවදි වූ පසුව දකින්නට
එකම එක හීනයක්
ඉතිරි කර තබා. . . .
නික්මෙන්න ඔබ
මඟුල් පාවඩ මතින්. . . . . .
ඉතිං අවසරයි. . . .
පෙල ගැස්ම
කවි-නොකවි
Subscribe to:
Post Comments (Atom)
සුභ පැතුම් බ්ලොග් එකට, ඉතාලියෙන් තවත් බ්ලොග් එකක් දකින්න ලැබුනු එක සතුටුයි,,දිගටම ලියන්න කියලා ප්රාර්තනා කරනවා..
ReplyDeleteලොකු දෙයක් වර්ඩ් වෙරිෆිකේශන් අයින් කලොත් ඒක ලොකු උදවුවක් වෙයි බලන අයට කමෙන්ට්ස් කරන්න...
ReplyDeleteමගෙ බ්ලොග් 1කේ වැටුන පළවෙනි කොමෙන්ටුව ඔයාගෙ.
ReplyDeleteස්තුතියි ඩිලන්., මං word verification අයින් කලා. බොහොම ස්තුතියි ඒ තාක්ශණික උපදෙස්ටත්. sei un grande..!