මිලානෝ සිට සෙනෙහසින්............! විසල් නගරයක් තුළ ඒ මේ අත පාවෙන සරුංගල් ජීවිතයක සාරාංශය.......
Sunday, 28 August 2011
තිත්ත ඇත්ත..
අසම්මත සිතුවිලි
දරන්නේත් වෙමි..,
වස විස බොන්නේත් වෙමි..
එවන් වූ මට
සැළමුතු ලිහිණි පෙම කුමකටද..?
අකැපය මේ සියලු දෙය.....
අතොරක් නැතිව ඇද හැලෙන
හිම පියලි වරුසාව.....
කොළොම්තොට
ගිනිගහන දුහුවිලි සුලඟක
උණුහුමට තුරුලු වෙමි....
මගෙ දෙපා දෙස බලමි,
මුල් ඇදී තිබේදැයි විමසමි...
තවම නැත.
මම යහතින්ය...
හෙට දින මේ හැර අන් බිමකදී
උපදිනා සිතුවිලි
අවලංගු වේදැයි නොදන්නෙමි....
සීතල ඉරාගෙන එන
මතකයක උණුහුම
බිඳුණු හදවත මත
හාද්දක් තවරයි....
ජීවිතේ වෙහෙසයි
ඇත්ත මේ තරම් තිත්ත ඇයි...?
පෙල ගැස්ම
කවි-නොකවි
Subscribe to:
Post Comments (Atom)
පිළිගන්න අකමැති උන්ට ඇත්ත තිත්තයි බන්... අනිත් උන්ට එහෙම නෑ...
ReplyDelete