මළානික හැන්දෑවක. ,
පාළු හුදෙකලාවක. . . . . .
මං ජීවිතේ මංසලකට
පැමිණ සිටියෙමි. . . . .
මම නැවත ඉපැදිය යුතු විය. . . .
හතිවැටුණ සම්ප්රදාය. ,
ඊනියා සාරධර්ම,
අපැහැදිලි සංස්කෘතිය. ,
මෙකී නොකී ජීවිතය කොටු කරගත්
සකලවිධ වැටකඩුළු
ගිනි තබා අළු කලෙමි. . . .
අන්තිමේදි මං නිදහස්. . . . . . . .
ඉතිං. . .
දැන් මට පුළුවනි
බොළඳ. , ප්රබුද්ධ
උගත්. , නූගත්
ශිෂ්ට., අශිෂ්ට
මේ හැම වටපිටාවකම
නිදහසේ සැරිසරන්න. . . . . . .
වළාරොදකටත් වැඩි සැහැල්ලුවෙන්
ජීවිතය පාව යයි. . .
බලන් සකිසඳ
ජීවිතය පාව යන අපූරුව. . . . .
සම්ප්රදාය, සාරධර්ම, සංස්කෘතිය ඔක්කොම කටු ඔටුනු තමයි මිනිස්සු දාගෙන ඉන්න. මල විකාර.
ReplyDeleteකියලා වැඩක් නෑ යාළුවා. එක සංස්කෘතියකින් තවත් සංස්කෘතියකට මාරු වෙලා බැලුවම දැනෙනවා මේවා අපි ඔලුවට දාගෙන ඉන්න මලවිකාර කියලා.(හරියට තොප්පි වගේ). බොහොම ස්තුතියි බන්. මේ වගේ කොමෙන්ට් 1ක් වැටිලා තියෙනවා දැක්කම බ්ලොග් එක හුස්ම ගන්නවා කියලා දැනෙනවා...
ReplyDeleteමේවගේ පෝස්ට් එකක් තියෙන තැනක වරද්දන්නෙ නැතුව ඉන්න අවුට්සයිඩර් මිත්රයත් ඉන්නෙ මේ... ඇත්තටම මමත් ඔය 3ත් එක්ක ගේම ඉල්ලන් ජීවත් වෙන එකෙක්... ඕව හින්ද මිනිස්සුන්ට දුක්විදින්න වෙනව විතරයි...
ReplyDelete