Wednesday 31 August 2011

සිරගත මිතුර...


මං අද ඉදිරිපත් කරන්නෙත් මගේ දින පොතින් පිටුවක්. . . .මේක ලියවෙන්නෙ මීට අවුරුදු කිහිපයකට පෙර., මගේ ළඟම බොක්කක් වුනු යාළුවෙක් ජීවිතේ සිදු කරගත් පොඩි වරදක් වෙනුවෙන් බන්ධනාගාර ගත වෙනවා. නිකම් නෙමෙයි අච්චුව අවුරුදු පහක්.. අර දේශීය අයුද ගැන තියෙන වගන්තිය යටතෙ. . . . අපේ ලංකාවෙ පොලීසිය හරිම මැදහත් විදිහට වැඩ කරනවනෙ. . . ඒ නිසා අපේ යාළුවගෙ නඩුව සෑහෙන්න තද වුනා..
මං යාළුවව සුද්ද කරන්න යන්නෙ නෑ. ඒ වුනාට මං මිනිහව අඳුරනවා. . . . ඌ එහෙම සිරගත විය යුතු එකෙක් නෙමෙයි.. අවුරුදු 21කේ ඉඳන් අවුරුදු 5ක් ඉස්සරහට ගණන් හද්ලා බලන්න. . . කොල්ලෙක්ගෙ ජීවිතේ වටිනම කාලයක් නේද..?
 මේ තියෙන්නෙ ඒ ගැන මුකුත් කරකියා ගන්න බැරිවුණ මගේ සටහන. . . . .

------------------- ---------------------------------- ----------------------------
 "මධූ. . ,
    එක් යුගයක උඹ මගේ ළබැඳිම මිතුරා විය. . .
ජීවිතය සෞන්දර්යාත්මකව විඳගත්ත., ජීවිතයට අළුත් අර්ථකතන හොයන්න පැය ගණන් මං එක්ක වාද වුණු උඹ නැති හිස් බව රික්තයක්ම විතරයි. ඒ හිස් තැන පුරවන්න ආදේශක නෑ.
අවුරුදු පහක් කියන්නේ පොඩි කාලයක් නෙමෙයි. . .ඒත් ඒ අඳුරු හීනය එළිවෙන දවසටත් මං අපේ යාළුකම හොයන් එනවා. මං එහෙම හිතන් ඉන්නවා. . . ඒත් ප්ලෑන් ගහන්න බැරි මේ ජීවිතය ගැන අනාවැකි කියන්න මට බෑ.
ජීවිතේ මට උඹව ඕනිම වෙලාවෙ මට උඹව අහිමි වුණා. . . .අපි වෛර කරපු සිස්ටම් එකම උඹව සිරගත කලා.
     කුටුම්භ ජීවිත වලට හිරවුණු අපේ ගමන් සගයින් අතරමැද තව කවුරු හරි ඉඳියි උඹව හොයන් එන. . .
මේ දිග කාලය උඹට ඉක්මණින් ගෙවිලා යන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා.
උඹ මගේ හිතේ ඉන්නෙ හරියට සිත්තමක් වගේ. . ඒ සිත්තම අකුරු කරන්න මට බෑ. එච්චරයි. .!"
--------------------------------- ----------------------- -----------------------------
ලබන අවුරුද්දේ මධූ එළියට එනවා.. මමත් ලංකාවට යන්න හිතන් ඉන්න නිසා මට මුණ ගැසේවි අනිවාර්යෙන්ම. ජීවිතය කියන්නෙ මහ පුදුම දෙයක්. . .! අපි නොසිතූ ඉසව් වල ජීවිතය අපිව ඇවිද්දනවා.
පරණ යාළුකම් ගැන අතීත කථාවස්තු ගොඩක් තියෙනවා මගෙ පුස් ඔළුගෙඩියෙ. . . තව ලියමනකින් මුණගැසෙමු. හෙට ඉඳන් මගේ නිවාඩු කාලය අවසන් වෙනවා. මොනතරම් busy වුණත් ලියන එකනම් අතහරින්නෙ නැනැ අම්මපා..
මධුවා මට ලියලා එවපු කවියකින් මං මේ හෑල්ල නතර කරන්නම්. . . .
     
". . . .හිතට වධ දෙන ප්‍රශ්ණ ඔක්කොම
        මලක ඔතලා පත්තු කරමුද. . . . . ?
        අයාලේ යන හිතත් අරගෙන
         තැනක් හොයමුද.? ඔහේ ලගින්න. . . ."
අනේ  මිලානෝ අහස යටට ඇවිත් ගියොත් කොමෙන්ටුවක් දාලා යන්න.. ඒක මට ලොකු හයියක්. . .!

6 comments:

  1. ලස්සනට පද ගලපල රසවත්ව ලියල තියෙනව. කොච්චර බිසි උනත් මොනවහරි ලියන්න.. මිලානෝ වල අත්දැකීම් ඇති නෙ ඕනි තරම්. අපි කියවන්නම්.පොඩි ගැටලුවක් තියෙන්නෙ..ඔයාගෙ පේජ් එකේ ඔයා ලියපු එව්වට අමතරව තියෙන භාශාව මොකද්ද..ඒක ඉන්ග්‍රීසි කරන්න. මම ගෙස් කර කර තමයි ෆලෝ කලේ සහ කමෙන්ට් කලේ

    ReplyDelete
  2. මාත් හිතන්නේ ඔයා බ්ලොග් එකේ භාශාව මාරු කලොත් හොදයි මොකද බ්ලොග් එක බලන්නේ ලංකාවේ අය නිසා,,,දිගටම ලියන්න වෙලාව තියන හැටියට

    ReplyDelete
  3. නියම කතාවක් !!!!

    ReplyDelete
  4. @weni,
    @dilan,
    @මධුරංග,
    thanx, හරි මං භාශාව මාරු කලා. පටන් ගත්තා විතරයිනෙ.., තාම දණගානවා. බොහොම ස්තුතියි අදහස් දැක්වුවාට. ත්‍රීවිල් එකකට ජෙට් ඔයිල් ගැහුවා වගේ... ඔය යන්නෙ ඉගිලිලා....

    ReplyDelete
  5. මධුව උඹට ලියල එවාපු කවිය නම් පට්ට... මලක් ගහපු කාලයක් මතක නෑ... :)

    ReplyDelete
  6. @සාතන්,
    ස්තුතියි යාළුවා., සාදරයෙන් පිළිගන්නවා මිලානෝ අහස යටට.
    මල් ගැන කවිකතා ගොඩක් තියෙනවා..:-)
    අපි එකම බෝට්ටුවෙද මන්දා...?

    ReplyDelete